26.4 C
Colombo
Thursday, March 28, 2024

පාකිස්ථානයත් දැඩි විදුලි අර්බුදයක. රාමසාන් සමයේත් විදුලි කප්පාදුව අඛණ්ඩව

- Advertisement -

පාකිස්තානයේ පවතින දේශපාලන හා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එරට තුළ ඉන්ධන හිඟයක් මතුවී ඇති අතර ශුද්ධ වූ රාමසාන් මාසය තුළ පවා අඛණ්ඩව පැය ගණනක් විදුලි කප්පාදු සිදු කරමින් ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයේ කරච්චි, ලාහෝර් සහ රාවල්පින්ඩි යන නාගරික ප්‍රදේශවල පැය 4-10 දක්වා විදුලි කප්පාදුවලට මුහුණ දී සිටින අතර ග්‍රාමීය ප්‍රදේශවල පැය 10-12 දක්වා විදුලිය නොමැතිව පීඩා විඳින බව Geo News වාර්තා කර තිබේ.

පාකිස්ථානය මෙගාවොට් 39,000 ක පමණ විදුලිය ධාරිතාවයකින් යුත් බලාගාර කිහිපයක් ස්ථාපිත කර ඇතත් ඒවා ක්‍රියාත්මකවීමේ දී විවිධ ගැටලු ගණනාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් එරට විදුලිබල නිෂ්පාදනය පවතින්නේ මෙගාවොට් 20,000 පමණ සීමාවක බව ද සදහන් වේ.

ජල ප්‍රවාහයේ වැඩි දියුණුවක් නොමැතිකම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීමත්, වර්ෂාපතනයක් නොමැතිකමත් සමඟ විදුලි ඉල්ලුම වැඩිවීමත් නිසා කාර්‍ය බහුල වේලාවෙන් හි විදුලි ඉල්ලුම මෙගාවොට් 19,000 දක්වා ඉහළ ගොස් ඇති බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...