28.5 C
Colombo
Wednesday, April 24, 2024

ඉම්රාන් ඛාන්ට ලැබුණු තෑගි ගැන තොරතුරු දෙන්න බෑ කියයි

- Advertisement -

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් 2018 වර්ෂයේ එම තනතුරට පත්වීමෙන් පසු ලැබුණු තෑගි පිළිබද තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්⁣ෂේප කිරීම එරට තුළ මහත් ආන්දෝලනයකට හේතුවී තිබේ.

අගමැති කාර්යාලය වෙත ඉදිරිපත්ව තිබූ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයක් හරහා අගමැති ඉම්රාන් ඛාන් ධුරයට පත්වූ දා සිට මේ දක්වා ඔහුට විදේශ රාජ්‍ය නායකයන්ගෙන්, විදේශ රටවලින්,විදේශ ආයතන සහ නි⁣යෝජිතයන්ගෙන් ලැබුණු ත්‍යාග පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා තිබිණ.

එම කාර්යාලය විසින් එය ප්‍රතික්⁣ෂේප කරනු ලැබ තිබූ අතර අනතුරුව තොරතුරු ඉල්ලා සිටි පාර්ශව ඒ සම්බන්ධයෙන් පකිස්තාන තොරතුරු කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

එහිදී තොරතුරු කොමිසම නියෝග කළේ මේ සම්බන්ධ තොරතුරු වහාම හෙළිකරන ලෙසයි.

කෙසේවෙතත් මේ වනවිට තොරතුරු කොමිසමේ එම නියෝගයද ප්‍රතික්⁣ෂේප කර ඇති අගමැති කාර්යාලය ඒ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

තොරතුරු කොමිසමේ නියෝගය නීති විරෝධී එකක් බව පකිස්තාන ආණ්ඩුවේ බලධාරීන් සදහන් කළත් එම අදහස සමාජ ක්‍රියාකාරිකයන්ගේ විරෝධයට හේතුවී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...

දියතලාවේ ධාවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විරෝධය

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසනවා. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්...

නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...