28.5 C
Colombo
Wednesday, April 24, 2024

මාධ්‍ය මර්දන නීතිවලට එරෙහිව පකිස්තානයේ ජනමාධ්‍යවේදීන් දැවැන්ත විරෝධතා පාගමනකට සැරසේ

- Advertisement -

පකිස්තාන රජය මගින් මාධ්‍ය අධිකාරියක් ස්ථාපිත කිරීම ඇතුළුව මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ගෙන ඒමට නියමිත නව නීතියට එරෙහිව රටේ ප්‍රධාන නගර ගණනාවක් ආවරණය වන පරිදි දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වීමට එරට ජනමාධ්‍යවේදීහු සූදානම් වෙති.

පකිස්තාන වාර්තා සදහන් කළේ නොවැම්බර් මාසයේදී ක්වෙට්ටා, කරච්චි, මුල්ටාන්, ෆයිසලාබාද්, ලාහෝර් සහ ඉස්ලාමාබාද් යන නගර ආවරණය වන පරිදි මෙම දැවැන්ත විරෝධතා පා ගමන සංවිධානය කර ඇති බවයි.

ව්‍යාජ පුවත්වලට එරෙහිව නව නීති හදුන්වාදීමේ මුවාවෙන්, පකිස්තාන රජය මාධ්‍ය මර්දනය සදහා නව නීති හදුන්වාදීමට යන බව පකිස්තාන පෙඩරල් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෂෙෂාඩා සුල්ෆිකාර් සදහන් කරයි.

තමන් ව්‍යාජ පුවත්වලට එරෙහිව නව නීති හදුන්වාදීමට විරුද්ධ නැතත් ඒ මුවාවෙන් මාධ්‍ය මර්දනය සදහා නීති ගෙන ඒමට විරුද්ධ බව පකිස්තාන ජනමාධ්‍යවේදී සංගම් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...