28.4 C
Colombo
Friday, April 26, 2024

පකිස්තානය තවදුරටත් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමේ ලැයිස්තුවේ

- Advertisement -

ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සහ අන්තර්ජාතික මුදල් විශුද්ධිකරණයට අදාළ රටවල් ලැයිස්තුවෙන් පකිස්තාන ඉවත් කීරීම තවදුරටත් කල් ගොස් තිබේ.

ඊට අදාළව පැරිස් නුවර පැවති අන්තර්ජාතික මුදල් කාර්ය සාධක බලකා රැස්වීමක දී තීරණය කර ඇත්තේ මේ පිළිබදව තවදුරටත් සළකා බැලිය යුතු බවයි.

ත්‍රස්තවාදීන්ට අරමුදල් සම්පාදනය සහ අන්තර්ජාතික මුදල් විශුද්ධිකරණයට අදාළව නීති සකසන ලෙස අන්තර්ජාතික මුදල් කාර්ය සාධක බලකාය ලෝකයේ රටවල් වෙත අවධාරණය කරයි.

මෙහිදී පකිස්තාන ඊට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීමත්, පකිස්තාන තුළ අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාවලට අදාළ අරමුදල් හුවමාරුවීම් සිදුවන බවට තහවුරු වී තිබීමත් හේතුවෙන් ඔවුන් රදවා ඇත්තේ අවදානම් ලැයිස්තුවේයි.

යම් නෛතික ප්‍රතිසංස්කරණවලින් අනතුරැව එය ඉවත් කරන ලෙසට පකිස්තානය ඉල්ලීමක් කර ඇතත්, අන්තර්ජාතික මුල්‍ය කාර්ය සාධක බලකාය සදහන් කර ඇත්තේ ඒ පිළිබද සලකා බැලීම කළ හැක්කේ ලබන වසරේ අප්‍රේල් මාසයේදී බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...