අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පකිස්තාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එරට විපක්ෂ සූදානම් වේ.
පකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ප්‍රධානී මවුලානා ෆස්ලුර් රෙහෙමාන් සදහන් කරන්නේ මේ පිළිබද අවසන් එකගතාවය මේ මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
අගමැති ඉම්රාන්ගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පකිස්තාන විපක්ෂනායක ෂබාස් ෂරීෆ් ද සදහන් කර තිබේ.
ආර්ථිකය හැසිරවීමේදී වත්මන් පකිස්තාන ආණ්ඩුව කටයුතු කරන දුර්වල හැසිරීම පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව එරට විපක්ෂය සදහන් කරයි.