27 C
Colombo
Wednesday, March 19, 2025

පකිස්ථානයේ මඟී දුම්රියක් කැරලිකරුවන්ගේ ග්‍රහනයට

- Advertisement -

පකිස්ථානයේ මගී ප්‍රවාහන දුම්රියක් බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වන කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රියේ මගීන් 400 කට අධික පිරිසක් සිටින බවයි.

කැරලිකරුවන්, මඟීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇතැයිද සඳහන්.

ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් පකිස්ථාන හමුදා සාමාජිකයින් බව විදෙස් වාර්තා පවසන අතර ඔවුන්ගෙන් 6 දෙනෙකු මේ වනවිට ඝාතනය කර තිබෙනවා

තමන්ට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කළහොත් ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා ඝාතනය කරන බවට ඔවුන් අනතුරු අඟවන බවයි සඳහන් වන්නේ.

බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිට කයිබර් පක්තුන්ක්වා දෙසට එම දුම්රිය ධාවනය කර ඇති අතර කැරලිකරුවන් විසින් දුම්රිය මාර්ගය පුපුරුවා දුම්රිය සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඕනෑම හමුදා ආක්‍රමණයකට ඒ හා සමාන ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවයි.

බලුච් විමුක්ති හමුදාව යනු පකිස්ථානයෙන් බලුකිස්තානයට නිදහස අපේක්ෂා කරමින් සංවිධානය වූ කැරලිකරුවන් කණ්ඩායමක්.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES