පකිස්තානයේ මූල්‍ය අර්බුදය දරැණු තත්වයකටපත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තත්වයෙන් මිදීම සදහා ඔවුන් විසින් ලෝක බැංකුවෙන් ඉල්ලුම් කළ ඩොලර් බිලියන 1.3 ක පමණ ණය මුදලක් ලැබී ඇතත් ඊට දැඩි කොන්දේසි පනවා ඇතැයි සදහන් වේ.
ඒ අනුව මෙම ණය මුදලෙන් ඩොලර් මිලියන 600 ක් පමණ අයවැය හිගයන් පියවීම සදහා යොදා ගැනීමට හැකි වනු ඇති.
සෙසු මුදල් එරට කෘෂිකර්මාන්තයට බලපා ඇති කෟමි උවදුර දුරුකිරීම, සරණාගතයන්ගේ සුබසිද්ධිය වැනි කරුණු සදහා යෙදවිය යුතු බවට කොන්දේසි පනවා ඇතැයි සදහන් වේ.
ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන මඟින් ලබාගත් ණය මුදල් සුඛෝපභෝගී වාහන මිලදීගැනීම ආදියට යොදවා ඇති බවටද පකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.