ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්ථානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි.
එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බව ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සදහන් වනවා.
කෙසේ වෙතත්, වෙබ් අඩවී පාකිස්ථානය යටතට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු අදහස් දක්වා නැහැ.
මේ අතර, පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් එරට ජාතික අණ දෙන අධිකාරියේ රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, බුන්යානුන් මාසූස් මෙහෙයුම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන අතර එහිදී ඉන්දියාව විසින් දියත් කළ සියලුම ගුවන් ප්‍රහාර සදහා ප්‍රතිප්‍රහාර පාකිස්ථානය විසින් දියත් කිරීමට සිදු කරන බව එරට ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.