සමාජ මාධ්‍ය යොදාගනිමින් රට තුළ දුස්තොරතුරු පතුරුවා හැරීමේ මෙහෙයමුක නිරතවන බවට බංගලාදේශය පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට චෝදනාවක් එල්ල වී තිබේ.
මෙම චෝදනාව එල්ල කර ඇත්තේ බංගලාදේශය ප්‍රධානතම පුවත්පතක් වන ප්රාතෝම් අලෝ පුවත්පත විසිනි.
එහි පළව ඇති වාර්තාවකට අනුව බංගලාදේශයේ පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය, සිවිල් සමාජය, උගතුන්, මාධ්‍ය ඇතුළු සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සම්බන්ධ කරගෙන මෙම දුස්තොරතුරු ජාලය ක්‍රියාත්මක කරයි.
මෙහිදී ආගමික වශයෙන් සංවේදී කරුණු ඉස්මතු කිරීම හරහා බංගලාදේශය තුළ ගැටලු මතුකරවන බවද එම පුවත් වාර්තාව මගින් චෝදනා නගා තිබේ.