පකිස්තානයේ ඉහළ පෙළේ ආරක්ෂක දූත පිරිසක් මියන්මාරයේ රහසිගත සංචාරයක නිරතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සංචාරය සිදුව ඇත්තේ සැප්තැම්බර් මාසයේ, පළමුවනදා සිට පස්වනදා දක්වායි.
මෙම සංචාරයේදී පකිස්තාන ආරක්ෂක බලධාරීන් මියන්මාර හමුදාවට අවශ්‍ය තාක්ෂණික ඇතුළු විවිධ සහයන් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සදහන් වේ.
කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගෙන සිටින මියන්මාරයේ හමුදාවට එරෙහිව එරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර විසින් පසුගියදා නිල වශයෙන් සිවිල් යුද්දයක් ප්‍රකාශයට පත්කරන ලදී.
මේ පසුබිම තුළ පකිස්තාන ආරක්ෂක බලධාරීන් මියන්මාර හමුදාවන්ට අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත්වීම තීරණාත්මක කරුණක් බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.