33 C
Colombo
Thursday, March 28, 2024

පකිස්තානයේ ප්‍රාන්ත මැතිවරණය කල්යයි- ඉම්රාන් ඛාන්ටත් දඩයක්

- Advertisement -

පකිස්තානයේ කයිබර්-පක්තුන්ක්වාහි දිස්ත්‍රික්ක 18 ක මාර්තු 31 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියර යටතේ මේ වන විට මැතිවරණ චර්යාධර්ම උල්ලංඝනය කිරීම් 1,035 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති හෙයින් මැතිවරණයේ දෙවන අදියර කල් දැමීමට පාකිස්තානයේ මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියරේදී සිදුව ඇති මෙම ක්‍රියා සම්බන්ධයෙන් එරට මැතිවරණ කොමිසම පුද්ගලයින් 110 කට නොතීසි නිකුත් කර ඇති අතර අපේක්ෂකයින්ට සහ දේශපාලනඥයින්ට අවවාද 26 ක් නිකුත් කර ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අතර අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට මේ වන විට පහළ දිර්, ස්වාත් සහ මලකාන්ඩ් ඇතුළු දිස්ත්‍රික්ක තුනක දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරින් විසින් දඩ නියම කර ඇත.

අග්‍රාමාත්‍යවරයාට රුපියල් 150,000 ක දඩයක් නියම කර ඇති අතර එය පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියරේදී ඕනෑම දේශපාලනඥයෙකුට පැනවූ ඉහළම දඩ මුදල වේ.

මැතිවරණ චර්යා ධර්ම උල්ලංඝනය කිරීම් හේතුවෙන් එහි සංවර්ධන ව්‍යාපෘති 23 ක් නතර කර ඇති අතර දිස්ත්‍රික්කය තුළ අගමැති ඉම්රාන් ඛාන්ගේ සැලසුම් සහගත සංචාර කිහිපයක් අවලංගු කිරීමට ද කොමිසම කටයුතු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...