27 C
Colombo
Saturday, June 10, 2023

සහෝදර මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබද කතා කළ රූපවාහිනී නිවේදකයාට තහනමක්

- Advertisement -

පකිස්තානයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබද ගැටලු සාකච්ඡා කිරීම හේතුවෙන් එරට පැරණිතම රූපවාහිනී කාලීන දේශපාලන වැඩසටහන වන කැපිටල් ටෝක්හි නිවේදකයා වන ප්‍රකට මාධ්‍යවේදී හමීඩ් මීර් ඉන් ඉවත් කර තිබේ.

ජියෝ රූපවාහිනී නාලිකාව ඔස්සේ 2002 වර්ෂයේ සිට සතියක⁣ට සිව් වතාවක් ඉදිරිපත් කෙරෙන එම වැඩසටහන ලෝකයේම අවධානයට ලක්වූවෙකි.

ඔහුගේ සහෝදර මාධ්‍යවේදියෙකු වන අසාද් අලි වෙත පසුගියදා එල්ල වූ ප්‍රහාරය ඇතුලු පකිස්තාන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබද හම්ඩ් මීර් විසින් සිය වැඩසටහනේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ හේතුයෙන් ඔහුව අදාළ වැඩසටහනින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

පකිස්තාන සහ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන රැසක් මෙම තීරණය හෙළා දැක ඇති අතර හමීඩ් මීර් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට වැඩසටහන තහනම් වූවද මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම නොනවත්වන බවයි.

මීට පෙර දෙවතාවකදිී හමීඩ් මීර් මෙලෙස තහනමට ලක්ව ඇති අතර පහරදීම් කිහිපයකටද ඝාතන තැතකටද මුහුණ දී ඇත.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.