කොළඹ වජිර පාරේ පිහිටි ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ කාර්යාලය ඉදිරිපිට අද (09) පස්වරුවේ වතුකම්කරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
එහිදී විරෝධතාවයේ නිරත පිරිස ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා හට දැඩිව විරෝධය පලකළා.
පසුගියදා ඔහු සදහන් කළේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවයි.
එහිදී විරෝධතාවයේ නිරත පිරිස රාජදුරෙයි මහතාගේ රුව සහිත පෝස්ටරයකට සෙරප්පුවලින් පහරදී ඔහුගේ රුව සහිත පඹයෙකු පුළුස්සා දැඩි ලෙස විරෝධය පලකළා.
රොෂාන් රාජදුරෙයි මහතා ධම්මික පෙරේරා මහතාට අයත් හේලිස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කරනවා.
මේ හේතුවෙන් පසුව විරෝධතාවයේ නිරත පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ කොළඹ – රීඩ් මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට පැමිණද විරෝධතාවයේ නිරත වුණා.