30.6 C
Colombo
Thursday, April 25, 2024

දුමින්ද සිල්වාට සමාව දීම නිසා මෙරට මානව හිමිකම් ගැටළුවක?

- Advertisement -

2011 දී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව දීම හේතුවෙන් රටේ නීතිය හා අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාචික ප්‍රකාශය ලබා දුන් බැචලේ මහත්මිය පැවසුවේ වැදගත් මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන් පිළිබඳව ද තමා සැලකිලිමත් වන බවයි.

2008 සහ 2009 වසර වලදී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව නඩු නොපැවරීමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලනික අභියෝගයන් තුළින් පිළිබිඹු වන්නේ මෙරට මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම මෙන්ම මූලික අයිතිවාසිකම් අහිමිවීමේ ප්‍රතිඵල බවයි බැචලේ සඳහන් කළේ.

එමෙන්ම, ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පවසනවා.

සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම සිදු වූ බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් පැවසුවේ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්වන බවයි.

ඊට අමතරව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මෙහිදී සිය වාචික වාර්තාව මගින් අවධානය යොමුකර තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර එහිදී මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.

RECENT ARTICLES - SINHALA

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...