32 C
Colombo
Friday, March 29, 2024

රාජ්‍ය කඨින උත්සවය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය කඨින උත්සවය පිළිබදව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කිරීමත් සමඟ අද (15) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතා ව්‍යාපාරයකට එරෙහිව ආණ්ඩුව කොවිඩ් වසංගතය පිට දමා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියද රාජ්‍ය කඨින උත්සවය විශාල ජනතා සහභාගීත්වයකින් යුතුව පැවැත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කිරීමත් සමඟයි.

මීට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අදාළ ආගමික උත්සවය තමන් සංවිධානය කළද ඊට කිසිසේත් ජනතාවට ආරාධනය නොකළ බවයි.

එම ස්ථානය පැමිණියේ ප්‍රදේශවාසීන් බවත් එහෙත් හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමට සමගි ජනබලවේගය පක්ෂය බස් රථ යොදාගනිමින් සෙනඟ රැස්කිරීම කොවිඩ් පැතිරීමට හේතුවක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කළේ ගුරුවරුන්ද පාරට බස්සවා කොවිඩ් වසංගතය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේ විපක්ෂය බවයි.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...