26 C
Colombo
Thursday, March 23, 2023

Passport එකට Visa වදින්නට නියමිතයි

- Advertisement -

පාස්පෝට් කියන්නෙ සිංහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි.

මෙය ලංකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූගත කරන ලද තරමක් දැවැන්ත ගණයේ නිර්මාණයකි.

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසින්හ, නයනතරා වික්‍රමාරච්චි, අතුල ජයසිංහ, රොෂාන් පිලපිටිය, තිස්ස ගුණතිලක, හශිනිකා කරලියද්ද, සුසන්තා චන්ද්‍රමාලි, රින්ස්ලි පෙරේරා, රාජා ගනේෂන් ඇතුළු මෙරට ප්‍රවීන හා නවක නලු නිලියන් රැසක් සමග අප්‍රිකානු රංගන ශිල්පීන්ද මෙහි රංගනයෙන් දායක වෙයි.

එමෙන්ම නයතරාගේ ඔබ නිතර දකින චරිත වලට වඩා හාත්පසින් වෙනස් රංගනයක් මෙහි දැක ගත හැක.

ජගත් චමිල සිනමාවේ චර්තයකට කැපවෙන්නේ කොහොමද කියන කාරනය මහ ඝන ගිනි කාශ්ඨක කාන්තාරය මැදදී පවා ඔප්පුකර පෙන්වයි.

ඔහුගේ හැකියාව කැපකිරීම උපරිමයෙන් එලියට ගෙනා චිත්‍රපටයක් ලෙස මෙය හැදින්වූවත් අතිශයෝත්තියක් නොවේ.

කදුකරයේ ජීවත්වන තරුණයින් දෙදෙනෙකුගේ යුරෝපා සිහිනය වටා ගෙත්තම් උනු මෙම සිනමාපටය බොහෝ බාධක කම්ක‍ටොලු මැද නිර්මාණය වූවක්.

කිසිවකින් නොසැලෙන තරුණ ජවයකින් යුතු අමරේ (ජගත් චමිල) කුඩාකල සිටම ඔහු දකින යුරෝපයට යෑමේ සිහිනය සැබෑ කරගැනීමේ ඒකායන අරමුණින්ම කටයුතු කරන අතර ඔහුගේ ප්‍රාණ සරි මිත්‍ර සමන් (ධර්මප්‍රිය ඩයස්) අමරේ කියන ඕනෑම දෙයකට සූදානමින් සිටින අතර ජීවිතේ පිළිබද ගැඹුරින් නොසිතන සැහැල්ලු සෙල්ලක්කාරයෙකි.

අමරෙගේ ආදරයම පමණක්ම පතාගෙන ඔහු වෙනුවෙන්ම ජීවත්වන නිලා (නයනතරා වික්‍රමාරච්චි) තමන්ගේ ආදරය දේවත්වයෙන් අදහමින් ලැයිම් කාමරයේ අම්මා නැතිව තාත්තාගේ ඇල්ම බැල්මේ හැදී වැඩුන කොස්ලන්ද වත්තේම සිටින රූමතියයි.

ඇය කෙරෙහි බැදුනු කෑදර කමකින් යුතුව ඈ වටා කැරකෙන වත්තේ ටී මේකර් (රොෂාන් පිලපිටිය) කල්යල් බලා ඇය ගොදුරක් කරගන්නට උත්සහා දරයි.

කදුකරයේ කොස්ලන්ද මීරියබැද්ද නායයාමත් සමග වෙනස්වන ජීවිත අතරට වැටෙන අමරෙ හා සමන් ගිනි පොලියට සල්ලි ගන්නේ රහසින්ම බෝට්ටුවකට නැග ඉතාලි හරහා යුරෝපයට පැනයාමේ අරමුණෙනි.

ඔවුන්ගේ බෝට්ටු ගමන කෙලවර වන්නෙ ඉතාලියෙන්ද නැතිනම් වෙනත් කොහේ හෝ තැනකින්ද යන වග චිත්‍රපටය නරඹන ප්‍රේක්ශකයාට ඒත්තු ගන්වන්නේ ඔවුන් පිලිබද අනුකම්පාව මන්ම සිනහවක්ද උපදවමිනි.

කෙසේ හෝ එංගලන්තයට යනවා යැයි අරමුණින් සිටින අමරේ සහ සමන්ට කොළඹ කුප්‍රකට ඒජන්සිකාරයකු (මහේන්ද්‍ර පෙරේරා) මුණගැසීමත් සමග බලාපොරොතු සපලකරගත හැකි වෙයි.

සිය ආදරය දිනූ නිලාගෙන් සහ කදුකරයෙන් සමුගෙන අමරේ සමන් සමග ගුවන් ගතවන්නේ ඉතාලි හරහා එංගලන්තයට යෑමේ බලාපොරොත්තවෙනි. දයිවයේ සරදමක් ලෙස ගුවන් තොටුපලේ දී ගලිවර් (දර්ශන් ධර්මරාජ්) මුනගැසෙන්නේ සෑම දෙයක්ම උඩු යටිකුරු කරමිනි. සමන්ට හා අමරෙට එංගලන්තයට යාමට හැකිවේද….? මහා වාලුකාවක අතරමන් වන්නට සිදුවේවිද…..? දෙදෙනාටම හෝ එක් අයෙකුට මියයන්නට සිදුවේවිද…..? අමරේ මත්තේම නහින්නට හදන නිලාගේ ඉරණම කුමක්ද….
මේ සියල්ලටම පිලිතුරු ලැබෙන්නේ පාස්පෝට් රිදී තිරය මත දිගහැරුණු පසුවය.

පාස්පෝට් චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන්
අධ්‍යක්ෂණය – ක්‍රිස් ඇන්ටනී
නිෂ්පාදනය – නන්දිත තාබුගල
කැමරා අධ්‍යක්ෂණය – ප්‍රියන්ත මලවිගේ
විශ්වජිත් කරුණාරත්න
රේඛීය නිෂ්පාදනය – ලලිත් වරුණ රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්
ඇදුම් නිර්මාණය – සවන් පවිත්‍ර
සංගීත අධ්‍යක්ෂණය – ඩෙන්සිල් සේනාදීර
අංග රචනය – රුචිර සන්ජීව
නිෂ්පාදන කළමනාකරණය – R සර්වන්, ප්‍රසාද් ඇන්ටනී
සහය අධ්‍යක්ෂණය – ප්‍රනීත් ගුණරත්න, නිරෝෂන් එදිරිමාන්න, මාලන් හොම්ස්
සංස්කරණය – ශාන් අල්විස්
ගීත රචනා – නිලාර් එන් කාසීම්, කැලුම් ශ්‍රීමාල්, ලලිත් වරුණ රාජපක්ෂ
ගීත ගායනය – දුමාල් වර්ණකුල, සුබුද්දි ලක්මාලී, සංජුල ගිමන්ත
කැමරා උපකරණ – සුරාන් බෝපිටිය, ඩිල් ෆිල්ම්ස්
තාක්ෂණික උපකරණ – FEG – Cinepro
මේ වන විට සංගීත සංයෝජන කටයුතු කෙරෙමින් පවතින පාස්පෝට් චිත්‍රපටය නුදුරේදීම සිනමාහලේදී දැකගන්නට ලැබේවි.

– ලලිත් වරුණ රාජපක්ෂ –

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...