31 C
Colombo
Wednesday, February 12, 2025

පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ

- Advertisement -

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලයට එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගන්නා බවද සඳහන් .

එමෙන්ම,  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවේ නිර්දේශය අනුව ‘පී’ කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000 ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...