රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණය විභාග වන නඩුව ලබන මස 18 වනදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (21) නියෝග කළා.
අද දිනයේදී නඩුවට පෙනී සිටීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අධිකරණයට පැමිණ සිටියා.
මෙහිදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ 10 කින්ම ඔහුට විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණ වූ බවයි.
පසුගිය 11 වනදා කොළඹ මහාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරනු ලැබුවා.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යාම සඳහා විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතු බවයි.
එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කර සිටියා.
මෙහිදී අධිකරණය දැනුම් දී සිටියේ විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වීමට නොහැකි නමුත් විත්තිකරු “සාමාන්‍ය” තත්ත්වයේ පසුවන බව වෛද්‍ය වාර්තාවන්හි සඳහන් වන බැවින් නඩුව කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බවයි.