32 C
Colombo
Friday, January 17, 2025

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

- Advertisement -

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  එවක  අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධ ආයතන කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් පරිපාලනය කළ අයුරු සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ද, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගෙන ප්‍රකාශයට පත් කරන ලෙස පාඨලී වම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එම නිවේදනය මෙතැනින්

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES