25.6 C
Colombo
Saturday, July 19, 2025

සංචාරකයින්ට පැටෙල් ට්‍රොලි

- Advertisement -

සංචාරක විනෝදාස්වාදය සඳහා අනුරාධපුර සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගයේ පීලී මත දිවෙන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කර සිටියේ.

අනුරාධපුර – මිහින්තලය දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ පොසොන් උත්සව සමයට පමණක් නිසා එම මාර්ගය මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා බවද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ ක‍ළා.

මෙම පැටෙල් ට්‍රොලියක ගමන් කිරීමට මුදල් අය කෙරන බවද, එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලැබෙන බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම ට්‍රොලි සේවය ලෝකයේ වෙනත් රටවලද ක්‍රියාත්මක වන අතර, එය සංචාරකයන් අතර ජනප්‍රිය ‍විනෝදාස්වාද අංගයක් වන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES