32 C
Colombo
Saturday, April 20, 2024

රෝගීන් අනතුරේ? – අත්‍යවශ්‍ය ඖෂධ 140ක් හිඟයි..!

- Advertisement -

ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.

හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත් වන අතර අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතිනවා.

වෛද්‍යවරුන් පවසන්නේ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවයි

මෙම බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට දිගු නිහැඬියාවක සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...