25 C
Colombo
Friday, March 29, 2024

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන්ට දැඩි පීඩා (වීඩියෝ)

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද (27) උදෑසන 7 සිට සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව ලබාදීම, කොවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබාදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් කිරීම, සියලුම සේවාවන්වල පුරප්පාඩු පිරවීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කිරීම සහ මාණ්ඩලික සේවා තත්ත්වයට අදාළ චක්‍රලේඛ වහා නිකුත් කිරීම යනාදී ඉල්ලීම් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි

වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලු රෝහල්වල සේවා අඩාල වුණා.

කෙසේ වෙතත් මාතෘ හා ළමා රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ.

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පැවසුවත් කොවිඩ් රෝගීන් සඳහාම වෙන්වූ හෝමාගම මූලික රෝහලේ අද වර්ජනය ක්‍රියාත්මක වුණා.

මේ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ එන්නත්කරණ වැඩසටහනද අද පස්වරු 1 දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...