33 C
Colombo
Tuesday, April 16, 2024

අසූචි නැවක් ළග දණ ගැසූ දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ – සජිත්

- Advertisement -

වත්මන් රජය මේවන විට අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව මේ වනවිට සැඟවී ඇති බවත් කොමිස් කුට්ටිවලට මුළු රටම පාවා දෙමින් පුරවැසියාගේ ජීවිත සමඟ ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු පවසා සිටිනවා.

ඒ අද (24) දින ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ගොවි හදගැස්ම වැඩසටහනට සහ ගොවි උද්ඝෝෂණයට එක් වෙමින්.

ප්‍රමිතියකින් තොර පොහොර ගෙන්වීම හරහා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන බලපෑම සමස්ත පරිසරයටම අදාළ බව පැවසූ ඔහු මේවා පිළිබඳව මායිම් නොකරන බලවතුන් කවුදැයි විමසා සිටිනවා.

චීන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම කුමක්ද, අදාල පොහොර ප්‍රමිතියෙන් තොර නම් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදාල ගිවිසුමේ අත්සන් කළේ මොනවාද, පළමු පරීක්ෂණයෙන් අසමත් වූ විට හරවා යැවූ පොහොර නැව දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල එන්නටත් පෙර ආපසු ගෙන්වූයේ කවුද, එම නැව ගෙන්වනු ලෙස බලපෑම් කළේ කවුද, ඒ බලපෑම්වලට යටත් වුයේ කවුද යන්න රටට හෙලිදරව් කළයුතු බවත් ඔහු අවධාරණය කරනවා.

රටට බරපතල හානි ගෙන එන නැවක් මෙරට වරාය ආශ්‍රිතව නැංගුරම් ලෑම පවා වරදක් බව ප්‍රකාශ කළ විපක්ෂ නායකයා එසේ නොකරන ලෙස ඉල්ලන්නට කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාවවත් මේ ආණ්ඩුවට නැති බවද පැවසීය.

RECENT ARTICLES - SINHALA

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

වැටුප් ගැටලුව ගැන මම හොයලා බලන්නම් – රනිල්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...