විදුලි බිල සඳහා සහන ලැබිය යුතු කණ්ඩායම්වලට සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පෙරේදා (12) පිළිතුරු දෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබන 29 වන දා ලබා දීමට තීරණය කර ඇති බවත් ඊට අමතරව සංශෝධන අය වැය ද න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන බවත් ය.
එම යෝජනාව ලබන 30, 31,1 සහා 2 දිනවල සාකච්ඡා කිරීමට නියමිත බව ත් එහිදී සහන ලැබිය යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ත් ඔහු වැඩිදුරටත් පවසනවා.
“විදුලි බිලේ වැඩි වීම සම්බන්ධයෙන්, ඒ පිළිබඳව අපි 29 වන දා දිනක විවාදයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
එතකොට 30,31,01,02 බොහෝ දුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබියයුතු කණ්ඩායම්වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතිනවා.”