29 C
Colombo
Saturday, January 18, 2025

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න

- Advertisement -

මේ දිනවල දරුවන් අතර වෛරස් උණ තත්ත්වයන් කිහිපයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ, පාසල් නිවාඩුව ක්‍රියාත්මක වන බැවින් දරුවන් විනෝද චාරිකා, කෙළි සෙල්ලම් කටයුතුවල වැඩි වශයෙන් නිරතව සිටීම හේතුවෙන් විෂබීජ සහ වෛරස තත්ත්වයන්ට නිරාවරණය වීම මීට හේතුව බවයි.

ඉන්ෆ්ලුවන්සා A හා B රෝගී තත්ත්වය, පාචනය, අධික සෙම්ප්‍රතිශ්‍යාව, ශරීරයේ රතු ලප, කෙටි උණ මෙන්ම දිගු කාලීන කැස්සද මෙම වෛරස තත්ත්වයන්ද වෛරස ආසාදනය වූ දරුවන්ගේ රෝග ලක්ෂණ බවයි පැවසෙන්නේ.

නමුත් මෙම රෝගී තත්ත්වය වෛරසයක් බැවින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට ලබා දීම සහ විවේකය මෙම රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය වන බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඇතැම් දරුවන්ට රෝගී තත්ත්වය සුව වීමෙන් පසුව හිසරදය හෝ කැස්ස පැවතිය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසට ද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු ලෙසකින් මෙම වෛරස තත්ත්වයන් වැළඳුණු දරුවන් ස්නානය කරවීමේ බියක් ඇතිකර නොගත යුතු බවත්, මඳ රස්නය ඇති උණු වතුරින් ශරීරය තෙත මාත්තු කිරීමෙන් උණ රෝගය අඩු කරගත හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

POPULAR ARTICLES