24 C
Colombo
Thursday, February 13, 2025

අනතුරක් සිදුකර පලාගිය PCගේ වැඩ තහනම්

- Advertisement -

බීමත්ව රිය පදවා රත්මලාන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලීසිය පවසනවා.

අනතුරට ලක් වූ එම පොලිස් ජීප් රථය සහ ත්‍රීරෝද රථය එකිනෙක ගැටී අනතුරක් සිදුවන ආකාරයත්, අනතුරුව ජීප් රථය නොනවත්වා ධාවනය කරන ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.

එම සිදුවීම 2025.01.28 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බවත්, එදිනම මේ පිළිබඳව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකර ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

එහිදී ඔහු බීමතින් රිය ධාවනය කර ඇති බවට තහවුරු වී ඇති අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
 
RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES