32 C
Colombo
Friday, March 29, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ PCR වාර්තා නිකුත් වෙයි

- Advertisement -

නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක්ට කොවිඩ් 19 ආසාදිත වී නැතැයි PCR පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින්ට යළි පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන ඇති.

කෙසේ වෙතත් කොවිඩ්19 ආසාදිත බව තහවුරු කර ගැණුනු ග්‍රාන්ට් ෆලවර්ගේ සහ GT නිරෝෂනගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස සැලකෙන සෙසු පුහුණු කාර්ය මණ්ඩලය⁣ට ලබන බදාදා දක්වා තවදුරටත් නිරෝධායනය වීමට සිදුවනවා.

මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ලබන අඟහරුවාදා පමණ පිටියේ පුහුණුවීම් ආරම්භ කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ලබන 18 වනදා පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතයි කණ්ඩායම් වෛද්‍යවරු විශ්වාසය පල කරනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදිත ෆලවර්ගේ සහ නිරෝෂනගේ තත්ත්වය ස්ථාවර බව ⁣වෛද්‍යවරු පවසා තිබෙනවා.

ඔවුන්ට එංගලන්ත සංචාරය අතරතුරදී වෛරසය ආසාදනය වන්නට ඇති බව සැලකෙනවා.

ශ්‍රී ලංකාව සමග තරඟ වැදුණු එංගලන්ත කණ්ඩායමේ 7 දෙනෙකුද කොවිඩ්19 ආසාදිත බව තරඟාවලියෙන් අනතුරුව හඳුනා ගැණුනා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...