විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 /2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බවට නිරීක්ෂණය කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අධියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.
අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කරන බවයි.