27.5 C
Colombo
Wednesday, October 4, 2023

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වුණා කියලා ජනතාව අන්දලා

- Advertisement -

කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඉල්ල අස්වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (03) පස්වරුවේ ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසන්නේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම් එය කිසිසේත්ම ඉල්ලා අස්වීමක් නොවන අනීතික ක්‍රියාවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව ජනාධිපතිවරයා වෙත බව සාලිය පීරිස් මහතා පෙන්වා දෙනවා.

එබැවින් මේ වන විට ආණ්ඩුව තුළ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට වගකීමක් ඇති බව සාලිය පීරිස් මහතා පවසනවා.

මෙවැනි දේශපාලනික අවිනිශ්චිතභාවයක් රටේ ආර්ථිකයට දැඩිව බලපාන බවත් මේවන විටත් පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි අවිනිශ්චිතභාවයක් කිසිසේත්ම දින කිහිපයක් හෝ කල්හැරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...