33 C
Colombo
Friday, April 19, 2024

ජොන්ස්ටන්ගේ දේපල සොරාගත් පුද්ගලයින් අත්අඩංගුවට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ව්‍යාපාරික ආයතනයක දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු මාවතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු පසුගිය මැයි මස 9 වනදා එම ආයතනය බිඳ රුපියල් විසි හතර ලක්ෂයට අධික වටිනාකමකින් යුත් දේපල සොරකම් කර ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගේ නිවසට සහ දේපලවලට පහරදීමේ සිද්ධියට 33 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ නිවසට සහ දේපලවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට සම්බන්ධ පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 22 හැවිරිදි පන්ලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මැයි මස 9 වනදා කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකට පහර දී අලාභහානි සිදු කර එහි ගමන්ගත් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 3 දෙනෙකුට පහරදීමේ සිද්ධියට 50 හැවිරිදි පුද්ගලයෙකු හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...