24 C
Colombo
Sunday, November 3, 2024

පොලීසියේ ක්‍රියාකරම් වීඩියෝ කරන්න ජනතාවට පුළුවන් – පොලිස්පති

- Advertisement -

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ කිරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා නීතිමය බාධාවක් නොමැති බවත් දැනුම්දෙමින් වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය මඟින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බවට  සෑම නිලධාරියෙකුම දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ඉහළ පොලිස් නිලධාරීන් වෙත දැනුම් දෙනවා.

පොලිස් නිලධාරීන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම ක්‍රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා‍වලදී ඇතැම් පොලිස් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන ජංගම දුරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වී ඇති බව එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.

වැඩබලන පොලිස්පතිවරයා මෙමඟින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ  යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවක දී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩනය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුළත් ව ඇති අතර, එම නෛතික ප‍්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවය සඳහා මෙන්ම විත්ති පාර්ශවය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි බවයි.

එමෙන්ම, පොලිස් නිලධරයෙකු සිදු කරන විනය විරෝධී ක්‍රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට එය අවස්ථාවක් වනු ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත ස්වෛරී හැඟීම් ඇති වන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුවහොත්, එවැනි තැනැත්තන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවද එම උපදෙස් මාලාවෙහි වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අදත් ලොකු වැස්සක්

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ...

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ...

අධිවේගී මාර්ගයේ යන අයට දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙනවා. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...