31 C
Colombo
Friday, April 19, 2024

ජනතාව රට වහන්න කියන්නේ නෑ – දිලුම්

- Advertisement -

රට වසා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වුවත් එසේ ඉල්ලීම් කරන්නේ ජනතාව නොවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රට වසා දැමීමේ අවශ්‍යතාවය මතු කරන්නේ ජනතාව නොව යම් යම් කණ්ඩායම් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

රට වසා තිබෙන විට රට අරින ලෙසත්, රට ඇර තිබෙන විට වසා දමන ලෙසත් ඇතැම් කණ්ඩායම් ඉල්ලීම් කරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම, ඇතැම් පුද්ගලයන් රට අරින්නැයි පවසමින් පාරේ නිදාගෙන සිටින ආකාරයද පසුගිය දිනවල දක්නට ලැබුණු බවත් ඔහු සිහිපත් කර සිටිනවා

රට වසා දමන්නේ නම් ඒ පිළිබඳව තීන්දු තීරණය ගනු ලබන්නේ ආණ්ඩුව නොව සෞඛ්‍ය බළධාරීන් බවත්, රට වසා දැමීමේ අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මොහොතේදී බළධාරීන් විසින් එම තීන්දුව ගනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවද වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පාර්ශව රැසක් රට වසා දමන්නැයි මේවන විටත් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...