හන්තාන රක්ෂිතය ආශ්‍රිතව ගැවසෙන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින දිවියන් විසින් තම නිවෙස් ආශ්‍රිතව සිටින ගවයන්, එළුවන් සහ සුනඛයන් වැනි සතුන්ව විශාල වශයෙන් මරා දමන බවයි.
හන්තාන රක්ෂිතයේ පහළ බෑවුමේ පිහිටි පතනවත්ත, තපෝදාරාම මාවත වැනි ප්‍රදේශ කිහිපයක වැසියන් මෙම තර්ජනයට මුහුණ දී තිබෙනවා.
මෙම දිවියන් ගම්වැදීම හේතුවෙන් ප්‍රදේශවාසින් රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමට බියක් දක්වන බවත්, ප්‍රදේශය තුළ කුඩා දරුවන් තනිව ගැවසීම පිළිබඳව මව්පියන් තුළ බියක් හට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
මෙම තත්ත්වය මධ්‍යයේ දිවියන්ගෙන් ඇති තර්ජනයට මුහුණදීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මහනුවර මුලස්ථාන පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හන්තාන තපෝදාරාම විහාරස්ථානයේදී පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ල සිටින්නේ මෙම දිවි තර්ජනයට වහා පිළියම් යොදා තම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.