එළැඹෙන උත්සව සමය සඳහා සෞඛ්‍ය අංශ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර කොවිඩ් තුන්වන රැල්ලක් ඇතිවීමේ අවධානමෙන් මහජනතාව ගලවා ගැනීමට කටයුතු කරන විට ජනතාව මේ වන විට නිමි ඇඳුම් කඩවල පොරකමින් සිටින තත්ත්වයක් උද්ගතව පවතිනවා.
නව වසර සඳහා අළුත් ඇඳුම් ගැනීම උත්සව සමයේ සාමාන්‍ය තත්ත්වයක් වුවත් පවත්නා සෞඛ්‍ය අවධානම් තත්ත්වයද නොතකමින් මහජනතාව කටයුතු කරන බව මේ වන විට සුලබව දක්නට ලැබෙනවා.
නිමි ඇඳුම් අලෙවිය සඳහා ප්‍රසිද්ධ නගර වන කිරිබත්ගොඩ, මහරගම, නිට්ටඹුව, මහනුවර, ගාල්ල, නුගේගොඩ යන නගරවල තත්ත්වය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා.
පාලනය කර ගත නොහැකි ආකාරයෙන් ජනතාව එක්රැස්වන මෙම ස්ථානවල කිසිදු සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.
අත්සේදීම කිසිසේත් සිදුනොකර අතර අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක හෝ ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක නොවීමද කැපී පෙනෙනවා.
ආරක්ෂක අංශ විසින් සාප්පු තුළට ඇතුළු වන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වයද ඕනෑවට එපාවට මෙන් මැන බලන තත්ත්වයක් දක්නට ලැබෙන අතර ශරීර උෂ්ණත්වය වැඩි කිසිදු පුද්ගලයෙකු ඔවුනට හසු නොවීමද විශේෂත්වයක්.
මීටරයේ දුර සංකල්පය මෙවැනි ස්ථානවල විහිළු සහගතවන අතර එකම ඇඳුම කිහිප දෙනෙකුම අතපත ගා, ඇඳ හැඩබැලීමටද දක්නට ලැබෙනවා.
මේ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ කිසිදු දැඩි ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම තෙවන රැල්ලකට අත වැනීමක් වනු නොඅනුමානයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නෑදෑ ගමන් යෑම, කැවිලි හුවමාරු කරගැනීම ආදිය අවම කලයුතු ක්‍රියාකාරකම් ලෙස නම්කර තිබෙනවා.
එමෙන්ම කඹ ඇදීම, කොට්ට පොර ගැසීම වැනි අවුරුදු ක්‍රීඩාද පැවැත්වීම මෙවර අවුරුදු ක්‍රීඩාවලින් ඉවත්කර ඇත්තේ පුද්ගල දුරස්තභාවය පවත්වාගත නොහැකි ක්‍රීඩා බවට නම් කරමිනි.

