28.4 C
Colombo
Wednesday, July 9, 2025

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන් සිව්දෙනෙකු සැකපිට ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

හැටන් සිට ධාවනය වූ එම බස් රථය පසුපස ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් ත්‍රිරෝද රථය සහ යතුරු පැදි බස් රථය ඉස්සර කර හරස් කර ඇති බව සඳහන් වනවා.

බස් රථයේ කොන්දොස්තරවරයා පවසා සිටියේ, ඉන් අනතුරුව ඔවුන් බස් රථය නතර කර බස් රථයේ රියැදුරු ඉන් ඉවතට ගෙන රියැදුරුට පහර දුන් බවයි.

පහර දුන් පිරිස ඉකුත් (06) දින අධික ලෙස බීමත්ව එම මාර්ගයේ ත්‍රිරෝද රථයක් ධාවනය කළ අවස්ථාවේ ත්‍රිරෝද රථය එම පෞද්ගලික බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියැදුරු විසින් ත්‍රිරෝද රථයේ රියැදුරුට බැන වැදීමට උරණ වූ එම පිරිස පසුදින බස් රථය පිටුපස හඹාගොස් රියදුරු ඉවතට ගෙන මෙම පහරදීම සිදු කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසා සිටියා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් පිරිසක් පලාගොස් ඇති බවත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.

පහර කෑමට ලක්වූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 වයස් කාණ්ඩයේ පසුවන හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වනවා.

සැකකරුවන් රියදුරුට පහරදෙන අයුරු බස් රථයේ ගමන් ගත් මගියෙකු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති අතර, සැකකරුවන් එම පිරිසට වීඩියෝගත නොකරන ලෙසට තර්ජනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES