31 C
Colombo
Saturday, June 10, 2023

හාල් ගන්න යන මිනිස්සු ජනාධිපතිට බනිනවා – බන්දුල

- Advertisement -

සහල් මිලදී ගැනීමට කඩේ යන ජනතාව ජනපතිවරයාට සහ රජයට බණින බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පවසනවා.

ඒ, පෙරේදා (11) දින මොණරාගල නව සතොස මෙගා ශාඛාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එබැවින් මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහල නැංවීමට ඉඩ දිය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරලා අතිරික්තවල් ගොඩගහගෙන ඉඳලා සාමාන්‍ය මනුස්සයාගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහළ නංවන්න තවදුරටත් ඉඩදෙන්න බෑ.

ඒනිසා අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කෘෂිකර්ම ඇමතිතුමාත් අපිත් එකතුවෙලා ලබන කන්නයේ මේ අවශ්‍ය නීති රීති වෙනස් කරගත්තායින් පස්සේ අපි නාඩු සහ කැකුළු සහල් අවුරුදු තුනක් කාල පරිච්ඡේදය පුරාවටම රුපියල් 100ට වඩා අඩුවෙන් ලබාදීමේ වගකීම ඉෂ්ඨ කරනවායි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කවුරුහරි කෙනෙක් තමන් ලාබ ලැබීමේ අරමුණ ඇතුව මේ අමාරු අවස්ථාවේ වී තොග රැස් කරලා ලාබ ලබන්න හිතාන ඉන්නවා නම් ඒ අදහස අත්හරින්න”

May be an image of 5 people and people standing
May be an image of 4 people, people standing and indoor
May be an image of one or more people and people standing
May be an image of 4 people, people standing and indoor

RECENT ARTICLES - SINHALA

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...