29 C
Colombo
Friday, June 2, 2023

එක කාර් එකක දෙදෙනෙක් පමණක් යාමට නීති වෙනස්වන විට එක කෝච්චි පෙට්ටියක අද ගිය සෙනඟ

- Advertisement -

කොවිඩ් පැතිරීම බරපතලම තත්ත්වයක පවතින මෙම කාලයේ දුම්රියෙහි ගමන් ගන්නා මගීන් හට දක්වන අඩු අවධානය හේතුවෙන් දුම්රිය මගීන් දැඩිලෙස අසරණව පවතින බවට ඔවුන් චෝදනා කරනවා.

පොලීසිය හා අනෙකුත් සෞඛ්‍ය අංශ මහමඟ ගමන්ගන්නා රථවාහනවල සෞඛ්‍ය පමණක් සොයා බලන තත්ත්වය හමුවේ දිනපතා දුම්රියේ ගමන්ගන්නා කාර්යාල සේවකයින් දැඩි සෞඛ්‍ය අවදානමක පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (12) දිනයේ නිකුත් කරන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කාර් හා ත්‍රීරෝද රථවල දෙදෙනෙකුට පමණක් ගමන් කල හැකි බව සදහන් කෙරුණා.

එමෙන්ම දුම්රියේ ආසන ධාරිතාවයට පමණක් මගීන් ප්‍රවාහනය කල යුතු යැයි සඳහන් වුණා.

කෙසේ වෙතත් අද පස්වරුවේ ධාවනය වූ කාර්යාල දුම්රියන් කිහිපයකම මඟීන් පිරී ඉතිරී යන ආකාරයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මගීන්ද පැවසුවේ දුම්රිය ධාවනයන් සීමා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ද (12) සවස කළුතර බලා ධාවනය වූ දුම්රිය
අද 12 සවස කළුතර බලා ධාවනය වූ දුම්රිය
අද 12 සවස අඹේපුස්ස බලා ධාවනය වූ දුම්රිය

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...