29.7 C
Colombo
Wednesday, April 24, 2024

මේ අයවැයෙන් ජනතාවගේ ශක්තිය උරාගන්නවා..! – පොහොට්ටු පසුපෙළ

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් ජනතාවගේ ශක්තිය උරා ගැනීමට අපේක්ෂා කරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එෆ්. කුමාරසිරි මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ලබා ගන්නා බවට පැවසූ දෙය එය බව වටහා ගත යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ, අද (10) දින මාධ්‍ය අමතමින්.

එමෙන්ම, මුදල් අමාත්‍යවරයා ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අපහසුම අයවැයක් බවත් එය මෙරට ජනතාව හොඳින් තේරුම ගත යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ගෝලීය වසංගතයක් එක්ක ලෝකෙම විනාශ වෙච්ච අවස්ථාවක් මේක. මේ වෙනකොට උතුරු කොරියානු ජනාධිපති කියනවා ආහාර හිඟයක් එනවා ඒක පාලනය කරන්න ඕනෙ කියලා. චීනේ ගල් අඟුරු බලාගාර වල ප්‍රශ්නයක්, චීනෙ විදුලිය නෑ. එංගලන්තෙ තෙල් පෝලිම්. ඒ නිසා ජනතාවගේ ශක්තිය උරාගන්න අයවැයක් තමයි මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.”


RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...