25 C
Colombo
Thursday, April 18, 2024

ජනතාව බලාපොරොත්තු නොවන දේවල් ආණ්ඩුව කරන නිසා ජනතා විශ්වාසය පළුදු වෙලා – ඇමති විමල්

- Advertisement -

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ දිගින් දිගටම මෙවැනි කරුණු සිදුවෙනවිට ආණ්ඩුව ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇති බවත් එමගින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමය බවද විමල් වීරවංශ මහතා පවසනවා.

එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තවද සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් බවද විමල් වීරවංශ මහතා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු...

අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...