31 C
Colombo
Sunday, June 4, 2023

රසායනික පොහොර ගෙන්වීමට අංශ කිහිපයකට අවසර

- Advertisement -

ආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකු ප්‍රධානීන වෙත ඊයේ දින ලිපියක් ද යොමු කර ඇත. 

ඇතැම් අංශ වලට කාබනික පොහොර භාවිතයට ක්ෂණිකව යොමු විය නොහැකි බව වැටහී ඇති බැවින් එම අංශ සදහා රසායනික පොහොර ආනයනය කිරීමට යම්කිසි නිදහසක් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසනවා.

ඒ, අද (03) දින පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

රජයක් ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් සිදුවන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් ඒ මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ‌පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න.

අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ. පරිසරය වෙනස් වෙනවා. ඔ්නෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා.

ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා. මේක කළමණාකරණයේ මූලික අංගයක්. ඒ නිසා රසායනික පොහොර ගේන්නේ නෑ. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට විශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික කෘෂිකර්මය පැත්තට හැරෙමින් තිබෙනවා. නමුත් ගැටලු ප්‍රශ්න තියෙයි.”

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...