30 C
Colombo
Saturday, November 2, 2024

තාඹුගලට රහස්‍ය ප්‍රකාශයක් දෙන්න අවසර

- Advertisement -

රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ නොසිටි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියම කළා.


RECENT ARTICLES - SINHALA

ආරුගම්බේ සිද්ධියට සැකපිට තවත් පිරිසක් අත්අඩංගුවට

ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට...

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව...

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ති‌බෙනවා. එම ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

රන් මිලේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද (31) දිනයේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 230,750.00 ක් ලෙසයි. එමෙන්ම,...