උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ ජේ.රාජ්බායී නමැති 34 හැවිරිදි පුද්ගලයෙක්.
මියගොස් ඇති පුද්ගලයා ඊයේ අළුයම මීගම, දර්ගා නගරය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් අනතුරුව රෝහල් ගතකර ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.