24 C
Colombo
Sunday, February 16, 2025

පාතලයට යතුරුපැදි සැපයූ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

දකුණේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සඳහා විවිධ අපරාධ සිදුකිරීමට යතුරුපැදි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගාල්ලේ ගඩ්ඩා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් වන අතර, එහිදී සොරකම් කළ යතුරුපැදි හතරක් ද සොයාගෙන තිබෙනවා.

යතුරුපැදි සොරාගන්නා අයෙක් කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වනවා.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ගාල්ල, අහුංගල්ල සහ කළුතර ප්‍රාදේශවල සඟවා තිබූ යතුරුපැදි 4 සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි මංකොල්ලකෑම්, පුද්ගල පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සඳහා දකුණේ ප්‍රධානතම අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව පුද්ගල පහරදීම් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සොරකම් සම්බන්ධයෙන් මීට පෙර දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින බවයි.

සැකකරු අද (12) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES