28.9 C
Colombo
Tuesday, July 8, 2025

ඡන්දේ දින්න සතුටට රතිඤ්ඤා දැමූ පුද්ගලයෙක් රෝහලේ

- Advertisement -

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

හොරණ ඉලිබ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු එලෙස පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලද පුද්ගලයා රතිඤ්ඤාවක් ගිනි දල්වා මදක් ඈතට විසිකර ඇති අතර එය පිපිරී නොයාම හේතුවෙන් ඒ අසලට ගොස් පරීක්ෂා කිරීමේදී එකවරම ඇතිවූ පිපිරීමත් සමඟම ඔහුගේ දකුණු අතේ මැණික් කටුව අසලට, උදර ප්‍රදේශයට ඇතුළු ශරීරයේ ස්ථාන කීපයකටම දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

ඔහු ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES