වේයන්ගොඩ, වදුරව ප්රදේශයේ අතුරු මාර්ගයක දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
මියගොස් ඇත්තේ, 49 හැවිරිදි වේයන්ගොඩ, වදුරව ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්.
පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ සැකකරු හදුනාගෙන ඇති බවයි.
වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.