31 C
Colombo
Friday, April 19, 2024

පේෂල – චන්ද්‍රිකා – වෙල්ගම අලුත් දේශපාලන ගමනක

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කරගෙන තම නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 62වන ගුණ සැමරුම වෙනුවෙන් අද (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට එක්වෙමින්.

එමෙන්ම එම පුෂ්පෝපහාර දැක්වීමට එක්වු හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා සඳහන් කළේ එම නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනුශාසකත්වය ලබාදෙන බවයි.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කළේ,

“හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්නේ. නායකත්වය දෙන්නේ මම තමයි. වෙන කවුරුත් නෑ.” යනුවෙන්.

එමෙන්ම එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.

“කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ අනුශාසකත්වයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රතිඥා දුන්නා සමාධිය අසලදී. නිදහස් පක්ෂයේ නායකයින්ට අපිට එකතු වෙන්න පුළුවන්, අපේ ප්‍රතිපත්ති සමග එකඟ වෙනවා නම්. අපි එයාලගේ ප්‍රතිපත්තිවලට යන්නේ නැහැ. එයාලා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පැත්තකට දාලා තමන්ගේ වාසියට කටයුතු කරනවා.”

මෙහිදි කුමාර වෙල්ගම මහතා සමග පැමිණි පිරිස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග පැමිණි පිරිස හමුවූ අතර එහිදී, “මැඩම් අර කට්ටිය එන්න කලින් අපි යන්නම් නේද ? ” යනුවෙන් වෙල්ගම මහතා ඇතුළු පිරිස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසීමද, ඊට පිළිතුරු දෙමින් ඇය “ඒ කට්ටිය එන්න කලින් මමත් යනවා” යනුවෙන් පැවසීමද විශේෂත්වයක්.

එසේම පුෂ්පෝපහාර දක්වා පිටව යන මොහොතේ හිටපු ජනපතිනිය මෙලෙසද අදහස් පළ කළා.

” පක්ෂේ බණ්ඩාරනායක නම විකුණගෙන කෑවා මිසක් කිසිදෙයක් සංවිධානය කළේ නැහැ මෙතන. ඔක්කෝම කළේ අපි. මැතිනිය ඒවා කරන්න ඉඩ සළසලා ගියේ. පක්ෂේ සභාපති ජනාධිපති වෙලා හිටියනේ අවුරුදු 05ක් මෙතනට ආවේ එක සැරයයි. අදනම් එයි. අනිත් හැම තැනින්ම පන්නලා තියෙන හින්දා. දැන් ආයේ බණ්ඩාරනායක නම විකුණගෙන කන්නද දන්නේ නැහැ “

කෙසේ වෙතත් හිටපු ජනපතිනිය එම ස්ථානයෙන් පිටව ගිය පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වුවා.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ,

” අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට රහට සමග ඉතාම ඉහළ සහයෝගයෙන් කටයුතු කරනවා වගේම, බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරිම තමයි එතුමාට අපි කරන ලොකුම ගෞරවය කියලායි අපි විශ්වාස කරන්නේ. ” යනුවෙන්.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...