29.7 C
Colombo
Thursday, April 25, 2024

කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

- Advertisement -

නව මහබැංකු අධිපති ලෙස පත්කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභා කරන ලෙස අභියාචනාධිකරණය අද (03) නියෝග කළා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම පසුගිය සැප්තැම්බර් මස 14 වනදා ගොනුක‍ර තිබුණා.

පෙත්සම ඉදිරිපත් කරමින් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වාදී තිබුණේ වෝහාරික විගණන වාර්තාවක් මගින් අපරාධ චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකු මහබැංකු අධිපති ලෙස පත්කිරීම නීති විරෝධී බවයි.

ඔහු නැවත වරක් මහ බැංකු අධිපති ලෙස පත්වුවහොත් ඊට අදාළ සාක්ෂි විනාශ විය හැකි බැවින් මෙම තනතුරින් ඔහු ඉවත්කර වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලා සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...