26.7 C
Colombo
Saturday, June 14, 2025

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක්

- Advertisement -

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව මන්නාරම රදගුරු හිමිවරුන් සහ පරිසරවේදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (11) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ පරිසරවේදී රොහාන් පෙතියගොඩ, මහාචාර්ය නිමල් ගුණතිලක, මහාචාර්ය සරත් කොටගම යන මහත්වරුන් සහ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් විසින් මහාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එය ගොනු කර ඇත්තේ මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 250ක සුළං බල ව්‍යාපෘතියක් වන අතර එය Adani Green Energy Private Limited හෝ Adani Green Energy SL Limited වෙත ලබා දීමට එරෙහිවයි.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු 67 දෙනෙකු නම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ තක්සේරුවේ විශ්වසනීයත්වය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ක්‍රියාකලාපය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නිර්මාණය කර ඇති බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දි තිබෙනවා.

මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, යෝජිත සුළං විදුලි උත්පාදන ව්‍යාපෘතිය රජයන් දෙකක එකඟතාවක් මත සිදු කෙරෙන බවයි.

නමුත් ඒ පිළිබඳවද මෙහිදී ප්‍රශ්නයක් මතුව තිබෙනවා.

මෙම විදුලි උත්පාදන ව්‍යාපෘතියෙන් වසර 20කට නිෂ්පාදනය කරන ලද කිලෝවොට් පැයක විදුලිය අමෙරිකානු ඩොලර් 802.6ක පදනම මත මිලදී ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා.

ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම, පරිසරය, වෘක්ෂලතා, සත්ත්ව, මහජන මුදල් ඇතුළු රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ සහ අනාගත පරපුරේ අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම නඩුව පවරා ඇති බව පෙත්සමේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES