28.4 C
Colombo
Friday, April 26, 2024

බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිස‍ර් එන්නතට අනුමැතිය

- Advertisement -

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අවුරුදු 60 ට වැඩි සියලුම ජනතාවට ප්‍රතිශක්තිකරණ කරන ඉහළ නැංවීමේ එන්නත් මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන වයස 30ත් 60ත් අතර පුද්ගලයන්ටද සෞඛ්‍ය අංශ සේවකයන්ට හා ඉදිරි පෙළ අනිකුත් සේවකයන් සඳහාද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට තීරණය කර ඇති බවයි.

“පහුගිය දිනක ඒ.සී.සී.ඩී කමිටුව රැස් වෙලා තීරණයක් අරගෙන තියෙනවා. එතකොට තුන්වෙනි මාත්‍රාව හෝ නැත්නම් බූස්ටර් ඩෝස් එකක්. බූස්ටර් ඩෝස් එකයි තුන්වෙනි මාත්‍රාවයි කියන්නේ දෙකක්. ඒ සඳහා ඔවුන් අපිට නිර්ණායකයන් ලබා දුන්නා. අවුරදු 60 වැඩි සියලුම ජනතාවට තව බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.

ඒ වගේම අවුරුදු හැටත් තිහත් අතර ලෙඩ රෝගවලින් පෙළෙන අයට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න ඔවුන් නියම කරා. ඊට අමතරවට පිළිකා නැත්නම් වකුගඩු රෝගවලින්, නැත්නම් වකුගඩු බද්ධ කරලා තිබෙන, අපගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙච්ච නැත්නම් ඒ සඳහා ඖෂධ ගන්නට අයට අපි තුන්වැනි මාත්‍රාවක් ලබා දෙන්න ඕනේ. අපිට අනුමැතිය ලබා දුන්නා.

ඊට අමතරව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ අනෙකුත් ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලාට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්නත් ඔවුන් අනුමැතිය අපිට ලබා දුන්නා. ෆයිසර් මාත්‍රාව තමයි අපි ෆයිසර් එන්නත තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...