උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත

වයස අවුරුදු 18 – 19 අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන 21 වැනිදා සිට ඔවුන්ගේ පාසලේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පාසල් නොයන වයස අවුරුදු 18-19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.